2022. අරගල අවුරුද්ද.
සිංහල භාෂාවෙන් „අරගලය“ යන වදන ජාතියේ සටන් හඬ බවට පත් වුණා. ශ්රී ලංකාවේ නිදහසෙන් පසු වසර 75 ක කාලය තුළ සියලු ජාතීන්, ආගම්, පරම්පරාවන් සහ සමාජ තරාතිරම්වල ජනතාව වෙනසක් සඳහා ඒකාබද්ධ ඉල්ලීමකින් එකට නැගී සිටියා. ඉලක්කය? ගෝඨාභය රාජපක්ෂ ප්රමුඛ ආණ්ඩුව, රට අර්බුදයකට ඇද දැමූ දුබල කළමනාකරණය සහ දූෂණය සඳහා වගකිව යුතු වූ ආණ්ඩුව ඉවත් කිරීම.
ඉන්ධන අවසන් වුණා. ලෙඩට දුකට අත්වශය බෙහෙත්වල හිගයක්. මේසය මතට කෑම වේලක් සරි කිරීම අරගලයක් ම පමණක් වුණා. නමුත් මේ අවුල් ජාලය මැද, සාමූහික එකතුවක් නැගි සිටිමින් තිබුණා.
ප්‍රධාන පාරවල් මිනිස් ගංගාවකින් වැහිලා තිබුණා. හැම කෙනාගේම අතේ ජාතික ධජය. ජාතික ධජය අතට අරගෙන ශ්‍රීලාංකිකයන් සමූහ වශයෙන් එක් වන ප්‍රධානම අවස්ථාව ක්‍රිකට් තරග. ඒ නිසාම මෙය ඉතාම වෙනස් අවස්ථාවක් ම විදියට සටහන් වෙනවා. කොඩියක් ගත් අතක් වාහනයකින්, බස් රථයකින් දුම්රියේ කවුළුවකින් පිටතට දික්වෙල තිබුණා. අස්සයන්ගේ පිට නැගී අසරුවා අතත් පයින් ගමන් කරන දහස් ගණන අතත් ජාතික කොඩියක් වැරදුනේ නෑ. රට සතර දික් භාගයෙන් මහා සෙනගක් කොළබට එමින් තිබුණා.
ඒ සෙනග ගංගාවේ මමත් හිටියා. විරෝධතාකරුවෙක් විදියට විතරක් නෙවෙයි, දෙමව්පියෙක් විදියට, පුරවැසියෙක් විදියට, සිහින දකින්නෙක් විදියට.ඒ අරගලය අපේ දරුවන්ගේ හෙට දවස වෙනුවෙන්. රටේ හෙට දවස වෙනුවෙන්. බලපොරොත්තුව අවංකත්වය රජයන, දියුණුව කරා ගමන් කරන දුෂණයෙන් තොර රටක්. වෙනස බලපොරොත්තුවක් පමණක් ම නෙමේ – අවශ්‍යතාවයක්.
ඔවුන්ගේ සාමූහික ප්‍රයත්නය නිසා ජනාධිපති රාජපක්ෂ සහ අගමැති යන දෙදෙනාටම මාස ගණනක විරෝධතාවය මධ්‍යයේ ඉල්ලලා අස්වීමට සිදුවුණා.
බොහෝ දෙනෙකුට රාජපක්ෂ සංකේතවත් කළේ යථාර්තයෙන් වෙන් වූ දේශපාලන ප්රභූනන්, කඩවූ පොරොන්දු සහ පාලනය කළ නොහැකි දූෂණය පිරුණු යුගයක්. ඔහුගේ ඉවත් වීමෙන් ඇතිවුණු රික්තය පිරවීමට අවස්ථාව ලද්දේ අනුර කුමාර දිසානායක. ආර්තික බිද වැටීමෙන් පසු වසර දෙක තුළ ඔහුගේ ජාතික ජනබලවේගය දේශපාලන වේදිකාවේ ප්රමුස්තානයට පත්වූ අතර, අරගලය හරහා ජනතාව බලාපොරොත්තු වූ වෙනස ගෙන ඒම ඔවුන්ගේ පොරොන්දුවයි.
ශ්රී ලංකා ඉතිහාසයේ නව පරිච්වේදයක් ලියවෙමින් පවතියි. නමුත් එයින් අපෙක්ෂිත පරිවර්තනය ළගා කරගත හැකිවේවිද? අරගලයේ දෝන්කාරය තවමත් මැකී ගොස් නැත. පිළිතුරක් බලාපොරොත්තුවෙන්!
2022. Das Jahr des Aragalaya.
Das singhalesische Wort „Aragalaya“ bedeutet „Kampf“ und wurde zum Schlachtruf der Nation. 75 Jahre nach Sri Lankas Unabhängigkeit haben sich Menschen aller Völker, Religionen, Generationen und sozialen Schichten in einer gemeinsamen Forderung nach Veränderung zusammengefunden. Das Ziel? Der Sturz der von Gotabaya Rajapaksa geführten Regierung, die für die Misswirtschaft und Korruption verantwortlich war, die das Land in eine Krise gestürzt hatte.
Treibstoff war knapp. Das Land war in einer Notlage. Schon Essen auf den Tisch zu bringen war ein Kraftakt. Doch inmitten des Chaos standen die Menschen zusammen auf.
Die Straßen waren voll von Menschen. Die Nationalflagge war überall zu sehen. Dass Sri Lankaner·innen die Nationalflagge tragen, sieht man normalerweise nur bei Kricket-Spielen. Deshalb wird dieses Ereignis in Erinnerung bleiben. Flaggen wehten aus jedem Auto-, Bus- oder Zugfenster. Selbst Menschen auf Pferden und tausende Menschen, die zu Fuß auf den Straßen waren, trugen die Nationalflagge. Aus allen vier Ecken des Landes kamen die Menschen nach Colombo.
Ich war auch Teil dieser Menschenmenge. Nicht nur als Demonstrantin, sondern auch als Elternteil, als Bürgerin und als Träumerin. Dieser Kampf wurde zum Wohl der Zukunft unserer Kinder, zum Wohl des Landes, für Hoffnung und Ehrlichkeit, Erfolg und ein Ende der Korruption geführt. Der Wandel ist nicht nur eine Hoffnung, sondern eine Notwendigkeit.
Angesichts der vereinten Anstrengung und nach monatelangen Demonstrationen mussten sowohl Präsident Rajapaksa als auch der Premierminister zurücktreten.
Die Rajapaksa-Ära war eine Zeit politischer Eliten, zerbrochener Institutionen und Korruption, die nicht kontrolliert werden konnte. Nach dem Rücktritt des Regimes bekam Anura Kumara Dissanayake die Chance, das Machtvakuum zu füllen. Nach dem wirtschaftlichen Zusammenbruch betrat seine Nationale Volkspartei (NPP) die politische Arena und versprach den Wandel herbeizuführen, den die Menschen mit ihren Protesten eingefordert hatten.
Ein neues Kapitel in der Geschichte Sri Lankas wird geschrieben, aber werden sie den erwarteten Wandel herbeiführen können? Der Kampfgeist von Aragalaya ist noch nicht verklungen. Die Menschen warten sehnsüchtig auf eine Antwort.
Übersetzung: Nimka Udapola
2022. The Year of the Aragalaya.
The Sinhala word „Aragalaya,“ which means „struggle,“ became the battle cry of the nation. After 75 years of independence, all nations, religions, generations, and people representing all social levels stood together for a united demand for change. The objective? To remove the Gotabaya Rajapaksa-led government, which was weak and had led the country into a crisis, a government responsible for corruption. There was a fuel crisis, a shortage of necessary medicine, and serving a plate of food on the table itself became a struggle. But amid these crises a united movement was born.
The roads were filled with people. Everyone had the national flag in their hands. Sri Lankan flags were only raised high during cricket matches in Sri Lanka. Therefore, this moment is unique. Flags were waved from every car, bus, and train window. Even riders on horses, and thousands of people on the streets, carried the national flag. From all four corners of the country, people were coming to Colombo.
I was also among this crowd. Not only as a protestor, but also as a parent, a citizen, and a dreamer. This protest was for the future of our children. It’s for the nation’s tomorrow. It’s for the hope of an honest country which leads to development without corruption. It’s not just for a change; it’s a necessity.
Because of their shared unity, the president and the prime minister had to resign after months of protests. For many, the Rajapaksa government symbolized politicians far removed from reality, broken promises, and an era of corruption. The void left by their regime was filled by Anura Kumara Dissanayake. After two years of economic crisis, his political party, the National People’s Party (NPP), became prominent in the political arena, and they promised to bring the change the people had expected through the protests.
A new chapter in Sri Lanka is unfolding, but will they be successful in bringing the expected transformation? The echoes of Aragalaya are still not erased. The people are eagerly waiting for an answer.
Translation: Madhupali Cooray
Teilen








